නුවරඑළිය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ කොටසක් වන අතර, වසර පුරාම පවතින සිසිල් කාලගුණය නිසා සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයකි. මනරම් දසුන්, දිය ඇලි, ශාක හා සත්ත්ව ජීවීන් මෙන්ම සෞඛ්‍යයට හිතකර දේශගුණය නිසා මෙම නගරයේ ඇති බොහෝ ක්‍රියාකාරකම් භුක්ති විඳීමට ඔබට අවස්ථාව ලැබේ. බයිසිකල් පැදීම ඔස්සේ නුවරඑළිය හරහා ගමන් කිරීම, සුන්දර යටත් විජිත යුගයේ ගෘහනිර්මාණ, වර්ණවත් භූ දර්ශන හා ජල මාර්ග මෙන්ම සුප්‍රසිද්ධ ගොල්ෆ් පිටිය ද සහිත මෙම නගරය ගවේෂණය කර අත්විඳීමට එක් මඟකි. සශ්‍රීක කොළ පැහැ තේ වතු හරහා බයිසිකල් පදිමින් තේ මංපෙත් භුක්ති විඳිය හැකි අතර, තේ නිෂ්පාදනයේ සමස්ත ක්‍රියාවලිය ගැන වැඩිදුර දැනගැනීමට එක් කර්මාන්තශාලාවක නැවතීමක් ද කළ හැකිය. ප්‍රදේශවාසීන් තේ දළු නෙළන අයුරු අත්විඳ, අවසානයේ උණු උණු ලංකා තේ කෝප්පයක් රස විඳින්න.