කසාවා හෙවත් යුකා (Manihot esculenta) නමින්ද හැඳින්වෙන මඤ්ඤොක්කා, බොහෝ රටවල ප්‍රධාන ආහාරයක් ලෙස සැලකෙන, ආහාරයට ගත හැකි පිෂ්ඨමය මුල් වර්ගයක් සහිත බවට ප්‍රසිද්ධය. නිවර්තන හා අර්ධ නිවර්තන කලාපවල පුළුල් ලෙස වගා කරන බහුවාර්ෂික ශාකයක් වන මඤ්ඤොක්කා, සමහර රටවල කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන ප්‍රභවයක් ලෙස සැලකේ.
මඤ්ඤොක්කා බොහෝ විට තම්බා අනුභව කරනු ලැබේ. අපි ශ්‍රී ලාංකිකයන් එය ලුණුමිරිස් නම් මිරිස් හා ළූණු සම්බෝලයක් සමඟ හෝ පොල් සම්බෝලයක් සමඟ හැළියෙන්ම ගනිමින් අනුභව කරමු. මඤ්ඤොක්කා හෙවත් කසාවා, කසාවා පිෂ්ඨය සාදා ගැනීම සඳහාද සැකසෙන අතර එය සාමාන්‍යයෙන් ටැපියෝකා නමින් හැඳින්වේ.
පෝෂක ද්‍රව්‍යවලින් පොහොසත් මෙම මුල සකස් කිරීම සඳහා නිවැරදි ක්‍රමය දැනගත යුතුය. කාබෝහයිඩ්‍රේට් වලින් ඉහළ මඤ්ඤොක්කා, අඩු ග්ලයිසීමික් දර්ශකයක් ඇති අතර එහි තන්තු ප්‍රමාණයද ඉහළය. මෙම මුල සම්බන්ධයෙන් එතරම් ප්‍රසිද්ධ නොවූ කරුණක් නම්, එහි පොටෑසියම් හා විටමින් C ප්‍රමාණය ඉතා ඉහළ බවයි.
මඤ්ඤොක්කා හි පොහොසත් ෆ්ලේවනොයිඩ්, විටමින් හා තන්තු ප්‍රමාණය හේතුවෙන් ඊට සම්බන්ධ සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ඇත. එය පරිවෘත්තීය සින්ඩ්‍රෝමයේ අවදානම අඩු කළ හැකි අතර, තුවාල සුව කිරීම ප්‍රවර්ධනය කළ හැකි අතර, මන්දපෝෂණය වැළැක්විය හැකි අතර, නිරෝගී බර කළමනාකරණයටද සහාය විය හැකිය. එහි පොටෑසියම් ප්‍රමාණය රුධිර පීඩනය අඩු කිරීමට ද උපකාරී විය හැකිය.


